වඩාත්ම සුදුසු පියවරේ සිට නුසුදුසු පියවර දක්වා ලැයිස්තු ගත කරන්න
ඔබ නිතරම පුස්තකාලයෙන් පොත් රැගෙන කියවයි' ඔබේ මිතුරා" අමල් සැමවිටම ඔබේ පොත් ඉල්ලා සිටියි' ඔහුට පුස්තකාල කාඞ් එකක් ලබා ගැනීමට ඔබ කීප වතාවක්ම උදව් කළේය' නමුත් ඒ සඳහා ඔහුගේ විශේෂ උවමනාවක් නැත' සති දෙකකට කලින් ඔබ පුස්තකාලයෙන් ලබා ගන්නා ලද පොතක් අමල් විසින් ඉල්ලා ගන්න ලදී' එය බාර දිය යුතු අවසාන දිනය හෙටය' නැත්නම් දඩයක් ගෙවීමට සිදුවනු ඇත' ඔබ අමල්ගෙන් පොත ඉල්ලා සිටියි' නමුත් එය ගෙන ඒමට අමතක වූ බවත් හෙට එය ගෙනන බවත් පවසයි'
අනුපිලිවලට අනුව 1 සිට 15 දක්වා අදාල කොටුව තුල අංකනය කරන්න'

ගුරුතුමියට පැමිණිලි කිරීම

අමල්ට බැණ වැදීම

පුස්තකාලට දැන්වීම

අමල්ගේ දෙමව්පියන්ට කතා කිරීම

අමල්ට කාරුණිකව කතා කිරීම

අමල්ට පොත ගෙන ඒම මතක් වීමට සටහනක් ලියා දීම

අමල්ට දඩ මුදල ගෙවීමට සිදුවන බව දැන්වීම

අමල් සමග කතා නොකර සිටීම

අමල්ට හෙට උදෑසන දුරකථන ඇමතුමක් දී මතක් කිරීම

කිසිවක් නොකිරීම

නැවත අමල්ට පොත් නොදීමට සිතා ගැනීම

නැවත පුස්තකාලයෙන් පොත් නොගැනීමට සිතාගැනීම

පොත් කියවීම නැවත්වීම

අමල් සමග මිතුරුකම නතර කිරීම

පුස්තකාලයට පොත බාර නොදීමට තීරණය කිරීම

කලින්