ඔබ පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙකි'
ඔබ පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙකි' ඔබේ ඉදිරි තරඟ පැවැත්වෙන්නේ කොළඹ ඉහළ පෙළේ විදුහලකය' ඔබේ අදහස නම් වෙනත් පාසල් වල කණ්ඩායම් ඉතා උසස් තත්වයේ ඇඳුම් වලින් සැරසී පැමිණේවි යන්නය'
ඔබේ කණ්ඩායමේ සිටින නිලුෂ්ක ඉතා දක්ෂ විවාද කරුවෙකි' පසුගිය විවාද ජයග්රහණ රාශියකට ඔහු හේතු වී ඇත' නමුත් නිතරම ඔහු පිරිසුදු මුත් පැරණි ඇඳුම් වලින් සැරසී තරඟ වලට පැමිණේ' මේ පිළිබඳ විමසූ විට නිලුෂ්ක පවසන්නේ" ඔහුට නොයෙකුත් ආර්ථික දුෂ්කරතා ඇතිබවය'
කේෂලා ඔබේ කණ්ඩායමේ උප නායිකාව වන අතර" ඇය කියා සිටින්නෙ ඉහත කරුණ නිසා නිලුෂ්ක මෙම කොළඹ පැවැත්වෙන තරඟයට පමණක් සහභාගී නොකර සිටිය යුතු බවය'
විවාද කණ්ඩායම භාර ප්රධාන ගුරුතුමා ඔබ කණ්ඩායම සමග ඉදිරි තරඟය ගැන පිළිසඳරක නිරත වෙයි' එහිදී විවාද කණ්ඩායමට සිසුන් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු ගැන සාකච්ජා කෙරේ'