පදික මාරුව
ඔබේ පාසැල ඉදිරිපිට පාර මාරුවීමට පදික මාරුවක් ඇත'
ඔබේ යහළුවන් අතරින් කුසල් නිතරම නිවැරදි ලෙස පදික මාරුව භාවිතා කරයි' ඒ නිසා ඔහුත්" මාර්ගයේ ගමන් කරන අනෙක් අයගේත් පහසුව සහ ආරක්ෂාව සැලසේ'
දිලිනි නිතරම පරක්කු වී පාසැලට පැමිණේ' ඇය පදික මාරුව භාවිතා නොකර ඉක්මනින් පාසැලට ඒමට උත්සහ කරනු ඔබ දැක ඇත' ගිය සතියේ වේගයෙන් පැමිණි බස් රථයක්" දිලිනිව හැප්පෙන්න ඔන්න මෙන්න කියා නැවතිණි' ඔබ ඇයට කියා සිටියේ —පරිස්සමින් පදික මාරුව පාවිච්චි කරන්න˜ කියාය' එහෙත්
දිලිනි පවසන්නේ —තාම මම හැප්පුනේ නෑනේ˜ කියාය'
නදුන් බොහොමයක් විට පදික මාරුව භාවිතා කරයි' එහෙත් කලාතුරකින් පරක්කු වී ඇති විට පදික මාරුව නොමැතිව පාර මාරුවෙයි'