ජ්යෝති කුමාරි
කොරෝනා වසංගතය නිසා ඉන්දියාවේ ජනාකීර්ණ විශාල නගර වසා දැමුවා' ඈත දුෂ්කර ගම්මාන වල සිට බොහෝ අය එම නගර වලට පැමිණ රැකියාවන් කරනවා' මෙම වසා දැමීම නිසා" මෙම පිරිස් මුදල් සහ ආහාර නැතිව ඉතා අපහසුතාවයට පත්වුණා' එක්තරා පියෙක් එම නගරයක කම්කරුවෙකු ලෙස සේවය කළා' ඔහුට
තුවාල වී ඇති නිසා ඇවිදින්නත් බැරුවයි සිටියේ' ඔවුන්ගේ ගම්මානය" ඔවුන් සිටින නව දිල්ලි නගරයෙන් සැතපුම් 700" එනම් කිලෝමීටර් 1126 ඈතින් පිහිටලා තිබුනේ' ඉතින් මේ වෙලාවේ ඔහුගේ දියණිය එඩිතරව තම පියාත් රැගෙන ගමට යෑමේ වගකීම භාරගත්තා' ඇය ජ්යෝති කුමාරි" වයස අවුරුදු 15 යි'
අතේ ඉතිරිවෙලා තිබුන අන්තිම සල්ලි ටිකෙන් පාපැදියක් අරගෙන" ඇය තාත්තාවත් එහි නංවාගෙන කිලෝමීටර් 1000 ට වඩා පසුකර ගමට ආවා' මේ ගමනේදී" නොයෙක් අය ඔවුන්ට උදව් කරා" කෑම දුන්නා'
ඒ වගේම සමහරුන් ඔවුන්ට විහිලු කළා' ගෑනු ළමයින්ට මේ ගමන යන්න බෑ කියල කිව්වා'
ඇයට මහන්සිය" විඩාව" මානසික පීඩනය කී පාරක් දැනෙන්න ඇත්ද? ඇයට මේ ගමන අතහැරලා දාන්න කීපාරක් හිතෙන්න ඇද්ද?