සැප්තැම්බර් මාසයේ එක් උදෑසනක චීනයේ ටිබෙට් භික්ෂුන් වහන්සේ නමක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණියේය' ගුවනින් ආ උන් වහන්සේ දවස් 3 කදී සැතපුම් 7,000 ක් පමණ පසු කරේය' උන් වහන්සේ අවුරුදු ගණනාවක් භාවනාවල නිරත වූයෙකි'
උන් වහන්සේගේ නම මින්ගූර් රින්පොචේ හිමිය (mingyur rinpoche)' විද්‍යාඥයින් උත්සාහ කරේ උන් වහන්සේ භාවනා කරනවිට මොළයේ විද්‍යුත් තරංග වෙනසක් වේදැයි හැදෑරීමටය'
මින්ගූර් හිමි භාවනාව ආරම්භ කරන විටම" පරිගණක මොනිටරවල හදිසියේම විශාල විද්‍යුත් තරංග ක්‍රියාකාරිත්වයක් උන් වහන්සේගේ මොළයේ සංඥා වලින් පෙන්නුම් කෙරිණි' මෙම විද්‍යුත් ක්‍රියාවලිය මුළු භාවනාව පුරාම පැවිතිණි' විද්‍යාඥයින් කිසිදා මෙවැනි විශේෂත්වයක් දැක තිබුනේ නැත'